විදුහල්පති පණිවිඩය
D.A.S දිසානායක
විදුහල්පතිගේ විශේෂ ප්‍රකාශය
බුත්පිටිය ප්‍රදේශයේ සිසු දරුවන්ට මහත් සම්පතක් වන බුත්පිටිය මහා විද්‍යාලය 2023 වර්ෂයෙත් නව ජවයකින් යුතුව ක්‍රියාකාරී වූ කාලයක් ලෙස දැක්විය හැකිය.
විද්‍යාලයේ ගුරුභවතුන්ගේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ විශේෂ සහයෝගය විද්‍යාලය පවත්වාගෙන යැමේදී අපට හිමිවීම නිසා විද්‍යාලය ඉහළ තත්වයකට ඔසවා තැබිමට අපට හැකිනම් ලැබෙන බව මගේ විශ්වාසයි.
මේ වන විට මලල ක්‍රීඩා,වොලිබෝල්,නෙට්බෝල් සහ කරාතේ ක්‍රීඩා ආරම්භ කොට සාර් ථකව පවත්වාගෙන යන අතර විද්‍යාලයිය ශිෂ්‍යභට කණ්ඩායමෙහි ක්‍රියාකාරිත්වය නිසා සිසුන්ගේ විෂය බාහිර කටයුතුවලට ඇති උනන්දුව ඉහළ තත්වයකට පැවැතිම සදහා ගෙන දෙයි.
විද්‍යාල පරිශ්‍රය සුන්දරව පවත්වා ගැනිම සදහා දෙමාපියන්ගේ ලැබෙන සහයෝගය අගය කරමි.
විශේෂයෙන් 2022 වර් ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ තත්වයක පැවැතිම අප සියලු දෙනාගේ ජයග්‍රහණයක් 67% ශිෂ්‍ය ප්‍රමාණයකට උසස් පෙළ හැදැරීමට අවස්ථාව හිමිවීම අපගේ සතුට ඉහළ නැංවීමට හේතුපතා විද්‍යාලයේ අනාගතය සාර් ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
D.A.S දිසානායක
විදුහල්පති
බුත්පිටිය මහා විදුහල .





