1901 දී බුත්පිටිය,පස්ගම්මන ගම වාසීන් එකතු වී දැනට බුත්පිටිය මංසන්දිය අසල ඉඩමක තැනු ගොඩනැගිල්ලක මේ පාසැල ඇරඹිණි.මෙහි ප්‍රථම මුල් ගුරුතුමිය වුයේ බුත්පිටියේ විසු චාර්ලිස් අප්පුහාමි උඩුගම්පලින් විවාහ කරගෙන් සිටි නෝනා මහත්මියයි. අහි කළමනාකරු වශයෙන් හිටපු ගම් මුලාදෑනියකු වූ දොන් පවුලිස් ගුණරත්න මහතා කටයුතු කළේය. මේ පාසලද අවුරුදු කීපයකට පසු රජයට භාරදුන් අතර එහි මුල්ගුරු වශයෙන් කිඹුල්ගොඩ කොතලාවල නෝනා මහත්මිය පත්විය.
1914 D .M රත්නායක මහත්මිය මුල් ගුරු තනතුරට පත්විය .1929 රජය මගින් නව ගොඩනැගිල්ලත් සාදා දුනි .එය අද තිබෙන මහා විද්‍යාලයේ පරණ ගොඩනැගිල්ලයි .එකල ගැහැණු පාසලින් 8 දෙනෙක් පමණ මොනිටර් වශයෙන් ගුරු සේවයට ඇතුලත් වුහ .1934 දී M.D.B අභයවර් ධන නෝනා මහත්මිය මුල්ගුරු තනතුරට පත්විය .එයද ගැහැණු පාසලේ දීප්තිමත් යුගයකි.1951 - අඹගස්පිටියෙ නිශ්ශංක නෝනා මහත්මිය මුල් ගුරු වශයෙන් පත් විය. 1955 මුල් ගුරු වශයෙන් ජයසුන්දර නෝනා මහත්මිය පත් විය.1971සිට ගැහැණු පාසලේ මුල් ගුරුතුමිය වශයෙන් සේවය කලේ රුපසිංහ ආරච්චි මහත්මිය යි.
මෙසේ ගැහැණු හා පිරිමි පාසල් 2 ලෙස වෙන් වී පැවතුනු අතර 1964 මහා විද්‍යාලයක්ද ඇරඹුණි.ප්‍රථම විදුහල්පති වූයේ P.W.R ජයවර්ධන මහතා ය.1972.2.10 දින විශේෂ සිද්ධියක් වූයේ පාසල් 2ක් එකාබද්ධ කොට
1-5 දක්වා පන්ති ඇතුලත් කනිෂ්ඨ විද්‍යාලයක්
6-12 දක්වා පන්ති ඇතුලත් මහා විද්‍යාලයක් පිහිටුවිමයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතේ 1988 දී පර්ෂද මුලස්ථ මහා විද්‍යාලයක් බවට පත්ව ඇත.එතැන් සිටන් මේ දක්වා මහා විද්‍යාලයක් ලෙස මේ අවට බොහෝ ප්‍රදේශ වල දරු දැරියන්ට සේවාව සපයමින් සිටියි.





