පාසලට පැමිණීම
- විදුහල ඇරඹීමේ සීනුව නාද වීමට පෙර විදුහලට පැමිණීම.
විදුහලට නොපැමිනි විට ගුරු දෙගුරු සම්බන්දතා පොතෙහි ඊට හේතු දක්වා දෙමාපිය/ භාරකාර අත්සන සහිත ලිපියක් ඉදිරිපත් කිරීම. - හදිසි අසනීපයක් නිසා විදුහලෙන් බැහැර යාමට අවශ්‍ය වුවහොත් ශ්‍රේණිභාර ගුරුමහතුන්ගේ නිර්දේශය මත විදුහල්පතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම. ඒ
අනුව බැහැර ගිය විට නිවසට ලගා වූ වෙලාව සහිත දෙමාපිය/ භාරකාර සටහන් පසු දින ශ්‍රේණිභාර ගුරුතුමාට/මහත්මියට ඉදිරිපත් කිරීම. - පාසලෙන් වේලාසනින් බැහැර යාමට අවශ්‍ය වූ විට ඒ සදහා ගුරු දෙගුරු සබදතා පොතෙන් දෙමාපිය ඉල්ලීම සහිත ලිපියක් ඉදිරිපත් කිරීම.
- විදුහලට යෑම ඊමේදී නිකරුනේ අතර මග නොරදීම.
නිල ඇදුම
- නියමිත ඇදුම් පැලදුම් වලින් නිසි පරිදි සැරසි සිටීම.
- පිරිසිදුකම කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වීම,විෂයෙන් සිරැර,පොත්පත් ඇදුම් පැලදුම් වලින් නිසි පරිදි සැරසි සිටීම.
- නිල ලාංජන හිමි සිසුන් ඒවා නොවරදවාම පැලදිම.
- ශිෂ්‍ය තත්වයට නොගැලපෙන පරිදි මුදු,මාල,වළලු ආදියත් වෙනත් ලාංඡනත් නොපැලදිම.
හැසිරිම
- විදුහල තුළදීත් විදුහලේ ගරුත්වය රැකෙනා පරිදි විනීතව ආචාරශිලිව හැසිරිම.
- පන්තියට ඇතුල්විමේදීත් පන්ති කාමරයෙන් පිටත පාඩම් සදහා සහභාගී විමේදීත් නිශ්ශබ්දව පේළියට ගමන් කිරීම.
- පන්ති පැවැත්වෙන විට තමන්ට වෙනත් කරුණක් සදහා නියැලීමට සිදුවුවහොත් ඒ සදහා විෂය භාර ගුරුමහතගේන්/මහත්මියකට් නොමැති විට හැකිතාක් දුරට නිශ්ශබ්දතාවය රකිමින් පාඩම් කටයුතු වල යෙදීම.
- පන්ති කාමරය තුළ විශේෂයෙන්ම ගුරුමහතෙක්/මහත්මියක නොමැති විට හැකිතාක් දුරට නිශ්ශබ්දතාවය රකිමින් පාඩම් කටයුතු වල යෙදීම.
- ආපනශාලාවට යා හැක්කේ විදුහල ඇරඹීමට පෙරත්,විවේක කාලයේදීත්,පන්ති කටයුතු නොමැති නම් විවේක කාලයට පෙර හා පසු කාල පරිච්ජේද දෙකේදීත් පමණි .
- විදුහල්බිම,ගොඩනැගිලි,ලීබඩු,උපකරණ ආදී පොදු දේපළ ආරක්ෂා කිරීම හා ඒවා පිරිසිදුව තබා ගැනිම.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් වසර නායක නායකාවන්ට ද ඒ හැමදෙනා,අචාර් ය මණ්ඩලයට අවනත වීම හා ඔහුන්ගේ අණ පිළිපැදීම.
අධ්‍යන කටයුතු
- කාලසටහන අනුව නියමිත පාඩම් සදහා සුදානම් වී පැමිණීම හා ඒවායේ උනන්දුවෙන් නියැලීම.





